විලයා

විලයා

Friday, November 15, 2013

මගේ තාත්තා ඔබටයි මේ...

                            

අප හට තවමත් මතකයි ඒ සුන්දර                               
කාලේ
නුබේ කකුලට වෙරි දී අප පාසල් රැගෙන ගිය              කාලේ
වැහි බිදු සේ වැටෙන නුබේ දහඩිය මේ                       කාලේ
තවමත් මතකයි එය දැතින් පිහදා දැමු                          ආලේ
                                                           

හිරුටත් නොදැන කාලය පැන ගියා                         මෙලසේ
අපටත් නොදැනිව අප ගතින් ලොකු විය                     රිසිසේ
කිවහොත් නැවත අප රැගෙන පාසල් යන ලෙස        පෙරසේ
පසු බට නොවී යලි වෙර දරා අප රැගෙන යයි             රිසිසේ


ලොකු වුවත් අප තවමත් වද දෙයි පොඩි වුන්                    සේ
නුබ හට එය අප පොඩි කාලේ දුන් වද මෙනි              පෙරසේ
නුබ බැණ වැදුනෙත් අප කළ වැරදි දේ පෙන්නා දී     මෙලසේ
යලි අපේ හිස අතගා තුරුලට ගනී පෙර කාලේ                   සේ            
                                                                              විලි

Sunday, September 8, 2013

ඔබත් මුදල් උපයන්න...

                                                    එන්න මුදල් උපයන්න..